Public Health - ප්‍රජා සෞඛ්‍යය

ප්‍රතිජීවක ප්‍රතිරෝධය

This article is for health education purposes only and does not replace professional medical advice, diagnosis, or treatment. If you have a personal health concern, please consult a qualified doctor or healthcare provider.

ඇන්ටිබයොටික්ස් ( ප්‍රතිජීවක ඖෂධ ), තවත් කාලයක් යන විට ඔබේ ඇඟට වැඩ කරන්නේ නැතුව යන බව ඔබ දන්නවාද ? එයට වගකිව යුත්තේ ඔබමයි ! 

ඔබට වෛද්‍යවරයෙකු විසින් ඇන්ටිබයොටික්ස් ( ප්‍රතිජීවක ) ලබා දෙන්නේ, ඔබට බැක්ටීරියා ආසාදනයක් තිබේ නම්, එම රෝගය ඇතිකරන, ඔබේ ඇඟ ඇතුළේ ඉන්න හානිකර බැක්ටීරියා විනාශ කිරීමටයි.

නමුත් රෝගීන් විසින්, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය විසින්, වැරදි විදිහට ප්‍රතිජීවක භාවිතා කිරීම නිසා, ඇඟට හානිකර බැක්ටීරියාවන්, මෙම ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන විදිහට හැඩ ගැහෙනවා. මෙය හඳුන්වන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය (Antibiotic Resistance) නමින්. 

ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා ඔබට ඇතිවන හානිකර බලපෑම මොකක්ද ? 

❗අපේම වැරදි නිසා, ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට හැඩ ගැහුණු බැක්ටීරියා ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. මේ විදියේ බැක්ටීරියාවකින් ඔබට ආසාදනයක් ඇති වුණොත්, සාමාන්‍යයෙන් භාවිතා කරන කිසිම ඇන්ටිබයොටික් එකකින්, ඔබේ ආසාදනය සුව කරන්න නොහැකි වෙන්න පුළුවන්. මොකද ඒ එක antibiotic එකකින්වත් ඔබේ ඇඟ ඇතුළේ ඉන්න බැක්ටීරියව විනාශ වෙන්නේ නැහැ. 

❗ඒවගේම මේ විදිහේ බැක්ටීරියාවලින් ඇතිකරන ආසාදන සාමාන්‍ය ඒවාට වඩා දරුණුයි. මේ නිසා දීර්ඝ කාලයක් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ගන්න, සංකූලතා වැඩි සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙන්න ඔබට සිදුවෙනවා. ඒ වගේම මෙවැනි බැක්ටීරියා ආසාදනයකින් රෝගියෙකු මරණයට පත්වීමේ ඉඩකඩත් වැඩියි. 

ප්‍රතිජීවක ප්‍රතිරෝධය වලක්වා ගන්නේ කොහොමද ? 

❌ඔබේ රෝග ලක්ෂණ සුව අතට හැරුණත්, වෛද්‍යවරයා නියම කළ දින ගණන සම්පූර්ණ වනතුරු, antibiotics ගැනීම නතර කරන්න එපා ! 

❌ඔබ antibiotics ගැනීම අතරමඟදී නතර කළොත්, විනාශ වන්නේ බැක්ටීරියාවලින් කොටසක් පමණයි. රෝගයට ඔරොත්තු දෙන බැක්ටීරියා ඔබේ ඇඟ තුළ ඉතුරු වෙලා, ගුණනය වෙනවා. නියමිත දින ගණන සම්පූර්ණ වන තුරු antibiotics ගැනීමෙන් ප්‍රතිරෝධී බැක්ටීරියත් විනාශ කරන්න පුළුවන්.

❌සියලුම උණ හෙම්බිරිස්සා රෝගවලට antibiotic අනිවාර්යෙන් ලබාගන්න පෙලඹෙන්න එපා ! 

❌antibiotics වැඩකරන්නේ බැක්ටීරියා වලට විරුද්ධව පමණයි. ඔබට සෑදෙන බොහෝ උණ හෙම්බිරිස්සා රෝග වලට හේතුව වන වෛරස, antibiotic වලින් විනාශ වෙන්නේ නැහැ. වෛරස රෝග වලට antibiotic ගැනීමෙන් වෙන්නේ ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණය වීම පමණයි. 

❌වෛද්‍ය උපදෙස්වලින් තොරව ෆාමසියෙන් antibiotic අරගෙන භාවිතා කරන්න එපා ! 

විවිධ බැක්ටීරියා රෝග වලට අවශ්‍ය ප්‍රතිජීවක වර්ග එකිනෙකට වෙනස්. ඒ නිසා ඔබ තනිවම antibiotic ගත්තොත් හෝ , වෙනත් කෙනෙකුගේ රෝගයකට ලබා දී ඉතුරුව තිබූ antibiotic භාවිතා කළොත් හෝ,
ඔබේ රෝගය හරියාකාරව සුව නොවීමට සහ ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණය වීමට ඉඩ තිබෙනවා.

ඉතින් ඔබ ඉහත කියපු වැරදි විදිවලට ප්‍රතිජීවක භාවිතා කරනවා නම්, ඔබ ඔබට වගේම සමාජයටත් විශාල හානියක් සිදු කරනවා. මේ නිසා Antibiotic භාවිතය ගැන නිවැරදි දැනුවත්භාවය ඇති කරගෙන, ප්‍රතිජීවක ප්‍රතිරෝධය වළක්වා ගැනීම ඔබට පැහැර හැරිය නොහැකි වගකීමක්. 

මේ විස්තර තවත් කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu