Public Health - ප්‍රජා සෞඛ්‍යය

පිළිකා රෝග වැළඳීමට ඇති අවදානම අඩු කිරීමට නිරෝගී ජීවන පුරුදු 6ක්

This article is for health education purposes only and does not replace professional medical advice, diagnosis, or treatment. If you have a personal health concern, please consult a qualified doctor or healthcare provider.

පිළිකාව තවදුරටත් නොසළකා සිටිය හැකි රෝගයක් නොවේ. ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණ සංඛ්‍යාවෙන් දෙවනුවට වැඩිම ප්‍රමාණයකට වගකිව යුත්තේ පිළිකා රෝග බව ඔබ දැන සිටියාද ? 

නිරෝගී ජීවන රටාවක් අනුගමනය කළොත් ඔබට ඇතිවිය හැකි පිළිකාවන් ගෙන් 1/3ක් වළක්වා ගන්න පුළුවන්. 

ඔබට පිළිකා රෝග වැළඳීමට ඇති අවදානම අඩු කිරීමට, පහත නිරෝගී ජීවන පුරුදු 6 අනුගමනය කිරීම ඉතා වැදගත් 

1) දුම්කොළ සහ දුම්වැටි භාවිතයෙන් වැළකීම 

දුම්බීම නිසා ඇඟට ඇතුලු වන පිළිකා කාරක නිසා, මුඛයේ,පෙනහලු වල සහ ආහාර මාර්ගයේ පිළිකා ඇති වෙනවා. ඔබ දුම් බොන විට, ඔබේ පවුලේ අය ඇතුළු ඔබ අවට සිටින අයත් අක්‍රීය දුම්පානයට නිරාවරණය වීම නිසා ඔවුන්ටත් පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. 

වළක්වා ගත හැකි පිළිකා වර්ග වලින් 50% ක්, දුම්කොළ දුම්වැටි භාවිතය නතර කිරීමෙන් වළක්වා ගත හැකියි.

2) බුලත් විට කෑමෙන් වැළකීම 

බුලත් විට ඇති පුවක් හුණු සහ දුම්කොළ මුඛයේ සහ ගලනාලයේ පිළිකා ඇති කරනවා.

3) මත් වතුර පානයෙන් වැළකීම 

මත් වතුර නිසා ඇඟට ඇතුලට පිළිකාකාරක ද්‍රව්‍ය මඟින්, සෛලවල වෙනස්කම් සිදුකිරීම නිසා මුඛයේ, අක්මාවේ ආහාර මාර්ගයේ සහ පියයුරුවල පිළිකා ඇති වෙන්න පුළුවන්.

ඔබට දුම්වැටි බුලත් හෝ මත් වතුර පානයෙන් මිදෙන්න සහයෝගයක් අවශ්‍ය නම් ඒ සඳහා වෛද්‍ය සේවා වල සහයෝගය ලබාගන්න පුළුවන්.

4) සෞඛ්‍යදායි සමබර ආහාර වේලක් ගැනීම 

සොසේජස් මීට් බෝල්ස් සකසන ලද මස් භාවිතයෙන් වැළකීම

වර්ණකාරක රසකාරක අධිකව අඩංගු ආහාර ගැනීමෙන් වැළකීම

යොදය සහිත කිරි බටර් වැනි මේද ආහාර අඩු කිරීම

තෙල් සීනි ලුණු බහුල ආහාර භාවිතය සීමා කිරීම

ස්වභාවික එළවළු පලතුරු පලා වර්ග මාළු ආහාරයට ගැනීම

මස් ආහාරයට ගැනීමේදී මේදය හා සම ඉවත්කර ආහාරයට ගැනීම

5) ශාරීරික ව්‍යායාම වල නිරත වීම 

දිනකට අඩුම විනාඩි 30ක කාලයක් ව්‍යායාම කිරීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වේ. ඔබ ව්‍යායාම කරන තරමට පිළිකා ඇතිවීමේ අවදානම අඩුවන බව සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා.

6) මානසික ආතතිය අඩුකර ගැනීම 

ඔබ මානසික ආතතියෙන් පසුවන විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී පිළිකා වලින් ආරක්ෂා වීමේ හැකියාව අඩු වෙනවා. මේ නිසා විනෝදාංශ වල නිරතවීම සමාජශීලි වීම ආගමික කටයුතුවල නිරත වීම වගේ දේවල් වලින් මානසික ආතතිය අඩු කර ගැනීමට උත්සාහ කරන්න.

පිළිකා රෝගයක් ඇති වූ පසු ප්‍රතිකාර ගන්නවා වෙනුවට, නිරෝගී ජීවන රටාවක් අනුගමනය කරමින් රෝගය ඇතිවීම වළක්වා ගැනීම, ඔබට ඔබ වෙනුවෙනුත්, ඔබේ ආදරණීයයන් වෙනුවෙනුත් කළ හැකි වටිනාම දෙයක්. 

ඔබේ චර්යාව වෙනස් කරගෙන පිළිකා ඇතිවීම වළක්වා ගැනීම ඔබගේ වගකීමක්. 

මේ විස්තර තවත් කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu