hello world!
hello world!
Medicine – කායික රෝග

කෑම වලට ලුණු දාද්දී කරන වැරදි නිසා බෙල්ල ඉදිමෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද ? 

This article is for health education purposes only and does not replace professional medical advice, diagnosis, or treatment. If you have a personal health concern, please consult a qualified doctor or healthcare provider.

ලුණුවල අයඩීන් තියෙනවා කියලා දැනගෙන හිටියත්, ඇඟට අයඩීන් අඩු වුණොත් මේ විදිහට ඔයාගේ බෙල්ල ඉදිමෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද ? 

කෑම වලට ලුණු දාද්දී ගොඩක් අය කරන වැරදි නිසා, ලුණුවල තියෙන අයඩින් ටික විනාශ වෙනවා.

අයඩීන් මිශ්‍ර ලුණු හරියට අරගෙන, මෙහෙම වෙන එක නවත්වා ගන්නේ කොහොමද?

අපේ ඇඟට ලැබෙන අයඩීන් වලින් කෙරෙන ලොකුම වැඩේ තමයි, තයිරොක්සීන් කියන හෝමෝන් එක හදන එක.

මේ හෝමෝනය හදන තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන්නේ ඔයාගේ බෙල්ලේ ඉස්සරහ ප්‍රදේශයේ.

 ඇඟේ අයඩීන් අඩු වෙලා තයිරොක්සින් හැදන ප්‍රමාණය අඩු වුණොත්, මේ විදියට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා, ගලගණ්ඩය නැත්නම් වායු ගෙඩි කියන තත්ත්වය ඇතිවෙනවා.

නමුත් මෙහෙම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම වෙනත් හේතු ගණනාවක් නිසාත් වෙන්න පුළුවන්.

 මේ ගලගණ්ඩය කියන තත්ත්වයට අමතර, ඇඟේ අයඩීන් අඩු වුණොත්,

  • උදාසීන ගතියක් ඇතිවීම, ප්‍රජනන ගැටලු ඇතිවීම වෙන්න පුළුවන්.
  •  තරුණ ළමයින්ගේ බුද්ධි මට්ටම අඩු වෙන එක, ඇඟේ වර්ධනය අඩුවීම, කතා කිරීමේ සහ ඇසීමේ ආබාධ ඇතිවීම වෙන්න පුළුවන්.
  •  ඒ වගේම පොඩි බබාලාගේ ඇඟේ අයඩින් අඩුවුණොත් ක්‍රෙටීනතාවය කියන තත්වය ඇතිවෙලා, ඇගේ වර්ධනය අඩුවීම, මොළයේ වර්ධනය අඩුවීම වෙන්න පුළුවන්.
  •  ගර්භනී කාලයේදී අයඩීන් අඩුවුණොත්, හදිසි ගබ්සාවීම්,මළ දරු උපත්, කළලයේ මොළය වර්ධනය අඩුවීම් ඇතිවෙන්න පුළුවන්.

 ලංකාවේ අයඩීන් උණතාවය වළක්වන්න අරගෙන තියෙන ප්‍රධාන පියවර තමයි, ලුණුවලට අයඩීන් මිශ්‍ර කරලා වෙළඳපොළට නිකුත් කිරීම.

නමුත් ලුණුවල තියෙන අයඩීන් සම්පූර්ණයෙන් ඔයාගේ ඇඟට ලැබෙන්න නම් ඔයා මේ දේවල් කරන්න ඕනි.

  • කෑම වලට ලුණු දාන්න කලින් ලුණු හෝදන්න එපා
  • කෑම ඉව්වාට පස්සේ විතරක් කෑමට ලුණු එකතු කරන්න

ලුණු හේදුවොත් හරි, කෑම උයද්දී ලුණු දැම්මොත් හරි, ලුණුවල තියෙන අයඩීන් වලින් කොටසක් ඉවත් වෙනවා.

  • ලුණු ගබඩා කරලා තියන්න දුඹුරු පාට වීදුරු භාජන වගේ අඳුරු භාජන විතරක් පාවිච්චි කරන්න.
  • ඒ වගේම ලුණු දාලා තියෙන භාජනය ඉර එළිය වැටෙන්නේ නැති තැනක තියලා තියන්න.

මීට අමතරව අයඩීන් වැඩිපුර තියෙන කෑම වර්ග

සාලයෝ, හාල්මැස්සෝ, ඉස්සෝ, කකුළුවෝ වගේ මුහුදු මාළු 

ඒ වගේම එළවළු, පලා වර්ග නිතර කෑමට ගැනීම අයඩීන් ඌණතාවය වළක්වා ගන්න උදව් වෙනවා

මේ උපදෙස් අනුව ඇඟට අවශ්‍ය අයඩීන් හරියට අරගත්තොත් ලෙඩ රෝග ගොඩක් වළක්වා ගෙන active, නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන්. 

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way